115 views 0 secs 0 comments

මැතිවරණ කොමිසමට තවත් පැමිණිලි…

In Local News
September 06, 2024

ජනාධිපතිවරණයට අදාළව තවත් පැමිණිලි 132ක් ලැබී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

වාර්තා වී ඇති පැමිණිලි අතුරින් පැමිණිලි 131ක් මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් බවයි එම කොමිසම නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දී සිටියේ. වෙනත් පැමිණිලි එකක් ද ඊයේ දිනයේ දී වාර්තා වී ඇති බවත් එහි සඳහන් ව තිබේ.

මේ අනුව ජුලි මස 31 වැනිදා සිට ඊයේ දිනය දක්වා සමස්ත පැමිණිලි 2227ක් ලැබී ඇති බව මැතිවරණ කොමිසම පවසයි.

ඉන් ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධ පැමිණිලි 11ක් සහ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි 2154ක් වාර්තා වී ඇති බවත් සඳහන්ව තිබේ.