Connect with us

Local News

ජනපති ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හමුවෙයි..

Published

on

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක් අද (09) ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

රජයේ පුළුල් ආර්ථික සහ නියාමන ප්‍රතිසංස්කරණවලට අදාළව මෙම දෙපාර්තමේන්තු දෙක තුළ ආදායම් ඉපැයීම සහ මෙහෙයුම්වල කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම සඳහා වූ උපායමාර්ගික සැලසුම් පිළිබඳව මෙහිදී සාකච්ඡාවට ලක් කෙරිණි.

ආදායම් කළමනාකරණය සහ බදු එකතු කිරීමේදී තමන්ට මුහුණ පෑමට සිදු වන අභියෝග පිළිබඳව මෙහිදී දෙපාර්තමේන්තු දෙකෙහිම නිලධාරීන් විසින් ජනාධිපතිවරයාව දැනුවත් කෙරූ අතර එම ගැටළුවලට ඵලදායී ලෙස මුහුණ දීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සහ රේගු දෙපාර්තමේන්තුව අතර ශක්තිමත් සම්බන්ධීකරණයක් ඇති කර ගැනීමේ වැදගත්කම එහිදී අවධාරණය කරනු ලැබීය.

බදු නීති මනා සම්බන්ධීකරණයකින් යුතුව වඩාත් ශක්තිමත්ව ක්‍රියාත්මක කිරීම සහතික කරමින්, බදු පැහැර හැරීම් වැළැක්විමට සහ ආදායම් එකතු කිරීම තවදුරටත් වැඩි දියුණු කිරීමට කටයුතු කිරීමේ අවශ්‍යතාව පිළිබඳව ද මෙහිද වැඩිදුරටත් අවධානය යොමු විය.

ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් රේගු අධ්‍යක්ෂ ජනරාල් පී.බී.එස්.සී. නෝනිස්, අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල්වරුන් වන එච්.ඩබ්ලිව්.එස්.පී.කරුණාරත්න, සී.එස්.ඒ චන්ද්‍රසේකර, ඩබ්ලිව්.එස්.අයි සිල්වා, එස්. පී. අරුක්ගොඩ, ජේ. එම්. එම්. ජී. විජේරත්න බණ්ඩාර, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඒ. ඩබ්ලිව්. එල්.සී. වීරකෝන්, ප්‍රධාන මූල්‍ය නිලධාරී එම්. ආර්.ජී.ඒ.බී. මුතුකුඩ යන මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරීන් මෙම සාකච්ඡාවට සහභාගී වූහ.

එසේම දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් එහි කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එස්. චන්ද්‍රසේකර, නියෝජ්‍ය කොමසාරිස් ජනරාල්වරුන් වන බී.කේ.එස්. ශාන්ත, ජේ.ඒ.ඩී.ඩී.බී.කේ සිරිවර්ධන, ජේ.ඩී. රණසිංහ, ඩී.එම්.එන්.එස්.බී. දිසානායක, එච්.එච්.එස් සමන්ත කුමාර, ජ්‍යෙෂ්ඨ කොමසාරිස් ටී.එම්.එස් තෙන්නකෝන් යන මහත්ම මහත්මීන් සාකච්ඡාවට එක්ව සිටියහ.

Local News

නිල්ගල වනය හෙට සිට නිල වශයෙන් රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ…

Published

on

By

අම්පාර හා මොනරාගල දිස්ත්‍රික්කවල පැතිර ඇති, හෙක්ටයාර 40,683ක විශාලත්වයෙන් යුත් නිල්ගල වනය, හෙට (02) දිනයේ සිට නිල වශයෙන් රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත්කිරීමට පරිසර අමාත්‍යාංශය තීරණය කර ඇත.

මැදගම, බිබිල, නිල්ගල සහ ඉඟිනියාගල යන වන සංරක්ෂණ බීට් හතරකින් සමන්විත මෙම වනාන්තරයේ ප්‍රධානම කොටස බිබිල අඩවිය වේ.

මෙම රක්ෂිතය නිවේදනය කිරීමේ සමාරම්භක උත්සවය හෙට පෙරවරුවේ බිබිල රතුගල ආදිවාසී ජන උරුම මධ්‍යස්ථානයේදී පැවැත්වීමට නියමිත අතර, එය පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. උත්සවය සංවිධානය කරනු ලබන්නේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවයි.

මෙම කටයුතු, ජූනි 5 වනදාට යෙදී ඇති ලෝක පරිසර දිනයට සමගාමීව පරිසර අමාත්‍යාංශය ක්‍රියාත්මක කර ඇති ජාතික පරිසර සතිය යටතේ සිදුවන අතර, එහි සිව්වැනි දිනය වන හෙට දිනය “ජෛවවිවිධත්ව සංරක්ෂණ දිනය” ලෙස නම් කර ඇත.

Continue Reading

Local News

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් එළඹෙන මස දිවයිනට…

Published

on

By

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් වෝල්කර් ටර්ක් මහතා මේ මස අවසානයේ හෝ ලබන මස ආරම්භයේදී ශ්‍රී ලංකාවට සංචාරයක නිරතවීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනය කරයි.

2016 වසරෙන් පසුව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්වරයෙකු ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ මෙය ප්‍රථම අවස්තාව වේ. 2016 දී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ බලය තුළදී, එවකට මහකොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු මෙරට සංචාරයක නිරත වූයේය.

මෙවර සංචාරය දී, ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ආරක්ෂාව සම්බන්ධයෙන් රජය ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළ පිළිබඳව විශේෂ අවධානයක් යොමු වනු ඇති බව වාර්තා වේ.

ඒ අතර, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත් කෙටුම්පත සම්බන්ධ සංශෝධන, සංහිඳියාව තහවුරු කිරීමේ උත්සාහයන් සහ නීති හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූල වගවීම පිළිබඳව මහකොමසාරිස්වරයා අවධානය යොමු කරන බවද අපේක්ෂිතය.

Continue Reading

Local News

වාර්ෂික බස් ගාස්තු සංශෝධනය අගෝස්තුවට කල් දැමේ..

Published

on

By

ජූලි මාසයේදී ක්‍රියාත්මක කිරීමට නියමිත වාර්ෂික බස් ගාස්තු සංශෝධනය අගෝස්තු මාසය දක්වා කල්දැමීමට තීරණය කර ඇති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කරයි.

මෙම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුවේ, පවතින ආර්ථික සහ සමාජ තත්ත්වය සැලකිල්ලට ගත් විට ජූලි මාසයේදී බස් ගාස්තු සංශෝධනයක් සිදුකිරීම ප්‍රායෝගික නොවන බවය.

කොළඹදී අද (01) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.

Continue Reading

ප්‍රවණතාවන්