Connect with us

Local News

දකුණු කොරියානු තානාපතිනිය ජනපති හමු වෙයි…

Published

on

ශ්‍රී ලාංකිකයන් සඳහා වැඩි රැකියා අවස්ථා නිර්මාණය කිරීමට අවධානය

ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු තානාපතිනි මියොන් ලී (Mඉයොන් ළී) මහත්මිය අද (09) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවිය.

මෙහිදී තානාපතිනි මියොන් ලී මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ජනාධිපතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් සුබපැතුම් පළ කරනු ලැබූ අතර දකුණු කොරියානු රජයේ සුබ පැතුම් ද පිළිගන්වනු ලැබීය.

ශ්‍රී ලංකාව හා දකුණු කොරියාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීම සඳහා දකුණු කොරියාවේ කැපවීම තානාපතිනි මියොන් ලී මහත්මිය විසින් මෙහිදී තහවුරු කරනු ලැබූ අතර දෙරට අතර දිගුකාලීන සබඳතා පිළිබඳවද මෙහිදී සිහිපත් කෙරිණි. ශ්‍රී ලංකාවට විදේශ ප්‍රේෂණ ලබා දීමේදී දකුණු කොරියාව හයවැනි ස්ථානයේ සිටින බව සඳහන් කළ තානාපතිවරිය, දකුණු කොරියාවේ සිටින ශ්‍රී ලාංකිකයන් සඳහා වැඩි රැකියා අවස්ථා නිර්මාණය කරමින් එම ප්‍රේෂණ ඉහළ නැංවීම සඳහා කටයුතු කරන බවට මෙහිදී පොරොන්දු විය. මීට අමතරව, කොරියානු සංචාරකයින් අතර සංචාරය කිරීම සඳහා ආකර්ශනීය රටක් ලෙස ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කිරීමට කටයුතු කරන බවද සඳහන් කළාය.

ශ්‍රී ලංකාව සඳහා ආර්ථික වශයෙන් සහය ලබාදීම පිළිබඳවද සහතික වූ තානාපතිවරිය, දකුණු කොරියාව ද මීට පෙර අවස්ථාවලදී මෙවැනිම ආර්ථික අභියෝගවලට මුහුණ දුන් බවත්, ඒවා ජයගැනීමේ දී කොරියාව ලැබූ අත්දැකීම් ශ්‍රී ලංකාවට ද උපයෝගී කරගත හැකි බවත් ප්‍රකාශ කළාය. කොරියානු එක්සිම් බැංකුවේ ආයෝජන සංවර්ධනයේ ප්‍රධාන අංගයක් ලෙස සලකමින් ශ්‍රී ලංකාවේ ග්‍රාමීය දිළිදු බව තුරන් කිරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කරන ලදී.

තව ද, සෞඛ්‍ය ආරක්ෂණය, දූෂණ විරෝධී ක්‍රියාමාර්ග සහ දේශගුණික විපර්යාස අවම කිරීම යන ක්ෂේත්‍රයන් සඳහා කොරියානු සහයෝගය ලබා දීමටද දකුණු කොරියානු තානාපතිනි මියොන් ලී මහත්මිය සහතික විය. දකුණු කොරියාවේ රැකියා අපේක්ෂාවෙන් සිටින ශ්‍රී ලාංකිකයන් වඩාත් හොඳින් ඒ සඳහා සූදානම් කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ කොරියානු භාෂා අධ්‍යාපනය පුළුල් කිරීම කෙරෙහි වන දකුණු කොරියාවේ කැමැත්ත ද තානාපති ලී මහත්මිය විසින් මෙහිදී තව දුරටත් අවධාරණය කරන ලදී.

Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Local News

රංගන ශිල්පී නලීන් ප්‍රදීප් උඩුවෙල අභාවප්‍රාප්ත වෙයි…

Published

on

By

ප්‍රවීණ රංගන ශිල්පී නලීන් ප්‍රදීප් උඩුවෙල අද (23) උදෑසන මහරගම අපේක්ෂා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්විය.

මියයන විට ඔහු 56 වන වියේ පසුවූ අතර, දෙදරු පියෙකි.

Continue Reading

Local News

ජනාධිපති අනුර කුමාර එක්සත් ජාතීන් සභාවට පිටත්ව යයි

Published

on

By

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට සහභාගි වීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ (22) දිවයිනෙන් පිටත්විණි.

ජනාධිපතිවරයා ලබන 24 වනදා එරට වේලාවෙන් පස්වරු 3.15ට මහා මණ්ඩලය ඇමතීමට නියමිතය. මේ අවස්ථාවට සමගාමීව, එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා සහ විදේශ රාජ්‍ය නායකයන් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා රැසක් පැවැත්වීමටද කටයුතු සූදානම් කර ඇත.

එසේම ජනාධිපතිවරයා අමෙරිකාවේ නාගරික ශ්‍රී ලාංකිකයන් සමඟ විශේෂ හමුවකට ද සහභාගි වනු ඇත.

මෙම සංචාරයට විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් ද එක්ව සිටින බව සදහන් වේ.

Continue Reading

Local News

කීරි සම්බා සහ සම්බා සහල් හිඟය පිළිබඳව පාරිභෝගික අධිකාරියෙන් ප්‍රකාශයක්….

Published

on

By

රට තුළ පවතින කීරි සම්බා සහ සම්බා සහල් හිඟය සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් මහතා අද (15) ප්‍රකාශ කළේය.

මෙහිදී ඔහු පැවසුවේ අධිකාරියට ලැබුණු පැමිණිලි පසුපස සිදු කළ සොයා බැලීම් මගින් සහල් හිඟය පිළිබඳ කරුණු අනාවරණය වූ බවයි. නමුත් සහල් සඳහා ගැසට් පත්‍රයකින් පාලන මිල නියම කර ඇති අතර, එම මිලට වඩා වැඩි මිලකට සහල් අලෙවි කිරීමේ අවස්ථාවලදී නීතිය යටතේ අවශ්‍ය නීතිමය පියවර ගන්නා බවද ඔහු පැවසීය.

සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ගැසට් පත්‍රයට අනුකූලව වී මිලදී ගැනීම සහ සහල් අලෙවි කිරීම සිදුකරන ලෙස සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටින බවයි.

ඒ අතරතුර සහල් සම්බන්ධ වැටලීම් 3,000කට වැඩි වශයෙන් සිදුකර ඇති අතර, ඒ මගින් 1,000කට ආසන්න නීතිමය පියවර ගෙන, රුපියල් මිලියන 95ට ආසන්න මුදලක් අයකරගෙන ඇති බවද ඔහු සඳහන් කළේය.

කෙසේ වෙතත්, පවතින සහල් හිඟය හේතුවෙන් ගැසට් පත්‍ර සංශෝධනය කිරීමේ කිසිදු අපේක්ෂාවක් මේ වන විට නොමැති බවද ඔහු අවධාරණය කළේය.

Continue Reading

ප්‍රවණතාවන්