Connect with us

Local News

ජනපතිට ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ සුබ පැතුම්…

Published

on

ශ්‍රී ලංකාවේ වතිකාන අපෝස්තලික තානාපති අති උතුම් බ්‍රයන් උඩෙයිග්වේ (ර්‍එව්. ඪ්‍ර.ඹ්‍රිඅන් Uඩඉග්වේ හිමිපාණන් අද (09) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවිය.

අනුර කුමාර දිසානායක මහතා ශ්‍රි ලංකාවේ නව ජනාධිපති ධූරයට පත්වීම නිමිත්තෙන් සිය උණුසුම් සුබ පැතුම් පිළිගැන්වූ වතිකාන තානාපතිවරයා, කතෝලික සභාවේ ප්‍රධානී සහ ස්වෛරී වතිකාන රාජ්‍යයේ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ හෘදයාංගම සුබපැතුම් ද ජනාධිපතිවරයා වෙත පිළිගන්වන ලදී.

නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව සාර්ථකත්වය සහ සෞභාග්‍ය කරා ගෙන යාමට හැකිවනු ඇති බව පැවසූ වතිකානු තානාපති උඩෙයිග්වේ හිමිපාණන් ඒ වෙනුවෙන් තමන් හදවතින්ම සුබ පතන බවද ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවේ අනාගතය පිළිබඳව මෙහිදී සුබවාදීව අදහස් පළ කළ අති උතුම් උඩෙයිග්වේ හිමිපාණන් ජනතාව අපේක්ෂා කරන අයුරින්ම මනා සංවර්ධනයක් රට තුළ මේ වන විටත් සිදු වෙමින් පවතින බවද සඳහන් කළේය. ඒ පිළිබඳ ජනාධිපතිවරයාගේ දැක්ම සහ කැපවීම ඇගයිමට ලක් කළ තානාපතිවරයා එම සියලු ප්‍රයත්නයන් වෙනුවෙන් වතිකානයේ සහාය ලබා දෙන බව ද පැවසීය.

ශ්‍රී ලංකාව මුහුණු දුන් අතිශය අමිහිරි අත්දැකීමක් වූ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් ද මෙහිදී කණගාටුව ප්‍රකාශ කළ අති උතුම් උඩෙයිග්වේ හිමිපාණන් ඒ පිළිබඳ විනිවිදභාවයෙන් සහ විශ්වාසනීත්වයෙන් යුතුව පරීක්‍ෂණ පැවැත්වීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ මුලපිරීම ද පැසසුමට ලක් කළේය.

වින්දිතයින්ට සහ ඔවුන්ගේ පවුල්වලට යුක්තිය සහ සාධාරණය ඉටු කිරීම වෙනුවෙන් ජනාධිපතිවරයා ගෙන යන අඛණ්ඩ උත්සාහයට වතිකානයේ පූර්ණ සහයෝගය ලබා දෙන බවට ද උඩෙයිග්වේ හිමිපාණන් සහතික විය.

Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Local News

කොටස් වෙළෙඳපොළට සජීවී ආරම්භයක් – මිල දර්ශක උඩට, ගනුදෙනු පිරිවැටුම පහළට…

Published

on

By

දීර්ඝ සතිඅන්තයකින් පසුව අද (අප්‍රේල් 16) කොළඹ කොටස් වෙළෙඳපොළ නැවත ආරම්භවූ අතර, මිල දර්ශකවල දැඩි ඉහළ යාමක් වාර්තා විය.

ඒ අනුව සියලු කොටස් මිල දර්ශකය ඒකක 99.68කින් ඉහළ ගොස් 15,625.88ක් ලෙස සටහන්වී තිබුණි. S&ඵ් Sළ්20 දර්ශකය ද ඒකක 29.95කින් ඉහළ ගොස් 4,644.49ක් ලෙස වාර්තා විය.

කෙසේ වුවද, අද දිනයේ ගනුදෙනු පිරිවැටුම පහළ මට්ටමක පැවති අතර, එය රුපියල් මිලියන 792ක් ලෙස සටහන් විය.

මෙහිදී දේශීය මිලදී ගැනීම් රු. මිලියන 781ක්ද, විකිණුම් රු. මිලියන 730ක්ද වූ අතර, විදේශීය මිලදී ගැනීම් කෙරෙහි දැඩි පහළ යාමක් පෙනී යයි. එම මිලදී ගැනීම් රු. මිලියන 11ක් වන අතර විදේශීය විකිණුම් රු. මිලියන 61ක් ලෙස වාර්තා වී ඇත.

Continue Reading

Local News

හෙට දිවයිනේ ප‍්‍රදේශ කිහිපයකට දැඩි උෂ්ණත්වය – අවධානයෙන් සිටින්නැයි ජනතාවගෙන් ඉල්ලීමක්..

Published

on

By

හෙට (අප්‍රේල් 17) දිනයේදී දිවයිනේ කිහිපයක ප්‍රදේශවල මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය අවධානය යොමුකළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.

උතුරු, උතුරු මැද, වයඹ, බස්නාහිර, දකුණ, නැගෙනහිර පළාත්වලට අමතරව රත්නපුර සහ මොණරාගල දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශද මෙයට ඇතුළත්ය.

එම නිසා එළිමහන් වෙහෙසකාරී කටයුතු සීමා කරන ලෙසත්, ප්‍රමාණවත් තරම් ජලය පානය කරන්නැයිද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවට උපදෙස් දී සිටී.

Continue Reading

Local News

අලුත් අවුරුද්දේ දින 6කින් අධිවේගී මාර්ගවලින් වාහන 7 ලක්ෂ 87,000ක්…

Published

on

By

මෙවර අලුත් අවුරුදු සමයේ දින 6ක් තුළ ශ්‍රී ලංකාවේ අධිවේගී මාර්ග පද්ධතිය හරහා වාහන 787,000ක් ගමන් කර ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

මේ මගින් රුපියල් මිලියන 273ක ආදායමක් උපයා ඇති බවත්, ඒ අතරින් පසුගිය දිනයකදී (අප්‍රේල් 15) පමණක් ආදායම රුපියල් මිලියන 48ක් වී ඇති බවත් නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල් (නඩත්තු හා මෙහෙයුම්) ආර්.ඒ.ඩී. කහටපිටිය මහතා සඳහන් කළාය.

අද (අප්‍රේල් 16) දිනයේ, අලුත් අවුරුදු ගමන් සදහා පහසුවක් ලබාදීම සඳහා සියලුම අධිවේගී මාර්ග කවුළු විවෘතව තබා ඇති බවද ඔහු පැවසීය.

වාහනයක් ආපදාකට ලක්වුණහොත්, 1969 කෙටි අංකය ඔස්සේ ක්ෂණික ඇමතුම් මධ්‍යස්ථානයට දැනුම්දෙන්නැයිද මහජනතාවට ඔහු ඉල්ලීමක් කර සිටියා

Continue Reading

ප්‍රවණතාවන්