Connect with us

Local News

තරුණයින් බස්නාහිර පළාත් පාලනයට යොදාගන්නා “YoLoGo” වැඩසටහන ඇරඹේ….

Published

on

බස්නාහිර පළාතේ පළාත් පාලන ආයතන හරහා ක්‍රියාත්මක සංවර්ධන කටයුතු සඳහා තරුණයින් සහයෝගී කර ගැනීමේ YoLoGo (Youth in Local Governance) වැඩසටහනේ සමාරම්භක උත්සවය අද (05) බස්නාහිර පළාත් ගරු ආණ්ඩුකාරවර හනීෆ් යුසූෆ් මහතාගේ සහ ශ්‍රී ලංකා කැනේඩියානු මහ කොමසාරිස් එරික් වෝල්ෂ් මහතාගේ ප්‍රධානත්වයෙන් බස්නාහිර පළාත් සභා ප්‍රධාන ශ්‍රවනාගාරයේ දී පැවැත්වූ අතර මෙම අවස්ථාවට තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර, රාජ්‍ය පරිපාලන,පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය රුවන් සේනාරත්න, කොළඹ මහා නගරසභාවේ නගරාධිපති ව්‍රායි කැලී බල්තසාර් ඇතුළු මහත්ම මහත්මීන් පිරිසක් එක්ව සිටියේය.

ගරු ආණ්ඩුකාරවරයාගේ මෙහෙයවීම යටතේ ක්‍රියාත්මක මෙම සුවිශේෂ වැඩසටහන බස්නාහිර පළාත් සභාව සහ ශ්‍රී ලංකා කැනේඩියානු මහා කොමසාරිස් කාර්යාලය සමඟ ඒකාබද්ධව ක්‍රියාත්මක කිරීමට කටයුතු සුදානම් කර ඇති අතර මෙම වැඩසටහන හරහා වර්තමානය වන විට රාජ්‍ය පාලනයට අඩු දායකත්වයක් සපයන තරුණ නියෝජනය ඉහල ප්‍රතිශතයකින් දායක කරගැනීම අරමුණු කරයි.

1971,1987-89 තරුණ නැගිටීමට ප්‍රතිචාර දැක්වීමක් ලෙස මහාචාර්ය ලක්ෂ්මන් ජයතිලක මහතා විසින් 1990 වසරේ දී තරුණ කොමිසම හදුන්වාදුන් අතර පසුව පළාත් පාලන ආයතනවල තරුණයින් (18-35) සඳහා නිර්දේශිත 40% කෝටාව හදුන්වාදුන් බවත් 1990 අංක 25 දරන පළාත් පාලන ආයතන මැතිවරණ (සංශෝධන) පනත මගින් ද රාජ්‍ය පාලනයට තරුණයින් වැඩි වශයෙන් සම්බන්ධ කරගැනීමට ප්‍රයත්න දැරුවද වර්තමානය තෙක් එය අපේක්ෂිත මට්ටමින් සාර්ථක වී නොමැති බවත් ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක මෙම YoLoGo වැඩසටහන එම රික්තකය පිරවීමට ජාත්‍යන්තර සහයෝගය සහිතව දරන ප්‍රයත්නයක් බවත් මෙම සමාරම්භක උත්සවයේදී ආණ්ඩුකාරවරයාගේ මහජන සම්බන්ධතා නිලධාරී අරුණ ප්‍රදීප් කුමාර මහතා කියා සිටියේය.

මෙම වැඩසටහන යටතේ බස්නාහිර පළාතේ සියලුම නගර සහ ප්‍රාදේශීය සභා 49ක තරුණ මන්ත්‍රීවරුන් නියෝජිතයන් ලෙස පත්කරමින් පළාත් තරුණ පාලන ජාලයක් පිහිටුවන බවත්, ඔවුන්ගේ මෙහෙයවීම යටතේ තරුණයින්ගෙන් සමන්විත තරුණ උපදේශන කමිටු සෑදීමට කටයුතු කරන බවත් ආණ්ඩුකාරවරයා කියා සිටි අතර එතුමා අවධාරණය කරමින් කියා සිටියේ “තරුණයින් අනාගතය නොව, ඔවුන් මේ මොහොතේම නායකත්වය ගන්නා ජනතාවය” බවයි.

මෙම උත්සවයට සහබාගී වෙමින් තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා ප්‍රකාශ කර සිටියේ….

“අපි හරි කැමතියි පළාත් පාලන ආයතන සමඟ සහයෝගයෙන් වැඩ කරන්න මේ වන විට රජය විසින් වැඩපිළිවෙළක් සකස් කරලා තියෙනවා තරුණ සංගම්වල නායකයින් පළාත් පාලන ආයතනවල වැඩපිළිවෙළ හා සම්බන්ධ කරගන්න.
ලබන වසර තුළ පොලිටිකල් ඇකඩමියක් හදන්න බලාපොරොත්තු වෙනවා, ආණ්ඩුකාරතුමා සහ මෙම වැඩපිළිවෙළ හා සම්බන්ධ වූ සියලු දෙනා සමග එකට එකතු වෙන්න අපි කැමතියි.
රට පුරා සිටින තරුණ තරුණයන් අප අභිබවා යා යුතු බව අප නිරන්තරයෙන් විශ්වාස කරනවා”

Local News

කීරි සම්බා සහ සම්බා සහල් හිඟය පිළිබඳව පාරිභෝගික අධිකාරියෙන් ප්‍රකාශයක්….

Published

on

By

රට තුළ පවතින කීරි සම්බා සහ සම්බා සහල් හිඟය සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් මහතා අද (15) ප්‍රකාශ කළේය.

මෙහිදී ඔහු පැවසුවේ අධිකාරියට ලැබුණු පැමිණිලි පසුපස සිදු කළ සොයා බැලීම් මගින් සහල් හිඟය පිළිබඳ කරුණු අනාවරණය වූ බවයි. නමුත් සහල් සඳහා ගැසට් පත්‍රයකින් පාලන මිල නියම කර ඇති අතර, එම මිලට වඩා වැඩි මිලකට සහල් අලෙවි කිරීමේ අවස්ථාවලදී නීතිය යටතේ අවශ්‍ය නීතිමය පියවර ගන්නා බවද ඔහු පැවසීය.

සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ගැසට් පත්‍රයට අනුකූලව වී මිලදී ගැනීම සහ සහල් අලෙවි කිරීම සිදුකරන ලෙස සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටින බවයි.

ඒ අතරතුර සහල් සම්බන්ධ වැටලීම් 3,000කට වැඩි වශයෙන් සිදුකර ඇති අතර, ඒ මගින් 1,000කට ආසන්න නීතිමය පියවර ගෙන, රුපියල් මිලියන 95ට ආසන්න මුදලක් අයකරගෙන ඇති බවද ඔහු සඳහන් කළේය.

කෙසේ වෙතත්, පවතින සහල් හිඟය හේතුවෙන් ගැසට් පත්‍ර සංශෝධනය කිරීමේ කිසිදු අපේක්ෂාවක් මේ වන විට නොමැති බවද ඔහු අවධාරණය කළේය.

Continue Reading

Local News

විදුලිබල මණ්ඩලයේ සේවකයින්ගේ රැකියා සුරක්ෂිතයි – බලශක්ති අමාත්‍ය…

Published

on

By

විදුලිබල මණ්ඩලයේ සේවකයින්ගේ රැකියා සුරක්ෂිත කරමින් ප්‍රතිසංස්කරණ කටයුතු ඉදිරියට ගෙන යන බව බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා ප්‍රකාශ කළේය.

අද (15) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍යවරයා සඳහන් කළේ, විදුලිබල මණ්ඩලයේ සේවය කරන සේවකයින් 23,000කට අධික පිරිස මෙතෙක් පවතින අතර, ප්‍රතිසංස්කරණය යටතේ ඔවුන් සම්පූර්ණයෙන්ම රජයේ අයිතියට අයත් ආයතන 04කට අනුයුක්ත කිරීමට නියමිත බවයි.

මෙම ආයතන සියල්ලම මහා භාණ්ඩාගාරය සතු සමාගම් වන අතර සේවකයින්ගේ රැකියා නියමිත ආකාරයෙන් පවත්වාගෙන යන බවද ඔහු පැවසීය.

එසේම, යම් සේවකයෙකුට නව ආයතනවලට අනුයුක්ත වීමට අකමැති නම්, ඔවුන්ට කැමැත්තෙන් සේවයෙන් ඉවත්වීමට හැකියාව ඇති බවත් අමාත්‍යවරයා සදහන් කළේය.

අදහස් දැක්වූ අමාත්‍යවරයා තවදුරටත් පැවසුවේ, මේ සංශෝධන සිදු නොකළේ නම්, පසුගිය අමාත්‍ය මණ්ඩල තීරණය අනුව අගෝස්තු 17 පසු විදුලිබල මණ්ඩලයේ සේවකයින් 12,000ක් රැකියාවෙන් ඉවත් කිරීමට තිබූ තීරණ ක්‍රියාත්මක වීමට තිබූ බවයි.

ඒ අනුව, ආයතන 12කට විදුලිබල මණ්ඩලය බෙදීමේ මූලික යෝජනාද අත්හිටුවී ඇති බවද ඔහු අවධාරණය කළේය.

“අපි ජනතාවගේ ආණ්ඩුවක් විදියට හැම සේවකයෙකු ගැනත් වග කියනවා. රටේ බලශක්ති සුරක්ෂිතතාවය වෙනුවෙන් අවශ්‍ය සියලු කටයුතු කරන්න අපි බඳුන ගන්නවා” යයි අමාත්‍ය ජයකොඩි මහතා අවසන් කළේය.

Continue Reading

Local News

මහයියාව ප්‍රදේශයේ දරුවන්ට ශිෂ්‍යාධාර – ජනාධිපති අරමුදලේ නව වැඩසටහන…

Published

on

By

මහයියාව ප්‍රදේශයේ ආර්ථික අපහසුතා ඇති පවුල්වල පාසල් දරුවන් සඳහා ශිෂ්‍යාධාර ලබාදීමේ වැඩසටහනක් ජනාධිපති අරමුදල මගින් ආරම්භ කෙරුණි.

මෙම වැඩසටහන ඊයේ (14) මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී, පාර්ලිමේන්තු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මහයියාව පුර්ණවත්ත බටහිර ග්‍රාම නිලධාරී වසමට අයත් පවුල්වල ජීවන තත්ත්වය උසස් කිරීමේ අරමුණින් 2025 මැයි 31 දින ජනාධිපති අරමුදලේ නිලධාරීන් සිදුකළ ක්ෂේත්‍ර පරීක්ෂණයක දී මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සුදුසු බව නිරීක්ෂණය විය.

එහි පළමු අදියර යටතේ සිසු-සෙසූවියන් 28 දෙනෙකුට ශිෂ්‍යාධාර ලබාදීමත් සමඟ වැඩසටහන ක්‍රියාත්මක විය.

Continue Reading

ප්‍රවණතාවන්