පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීම සම්බන්ධයෙන් කිසිදු පළිගැනීමක් සිදු නොවූ බවත්, මෙම යෝජනාව අලුත් දෙයක් නොවන බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය, කැබිනට් මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (05) පැවති මාධ්‍ය හමුවේදී පැවසීය.
මෙම යෝජනාව පිළිබඳව පක්ෂයක් ලෙස වසර 25කට අධික කාලයක් තිස්සේ අඛණ්ඩව කතා කළ බවත්, විපක්ෂයේ සිටියදී මේ පිළිබඳව ඉදිරිපත් කළ අදහස් ක්‍රියාත්මක කිරීමට අවස්ථාවක් ලැබුණේ ආණ්ඩුවට පැමිණි පළමු වතාවේදී බවත් ඔහු පැවසීය.
මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීම පිළිබඳ නීතිමය ක්‍රියාවලිය මේ වනවිට ක්‍රමානුකූලව සිදුකරමින් පවතින බවත්, විවිධ අදහස් පැවතීම සාමාන්‍ය යැයිද සඳහන් කළේය.
මේ දිනවල රජය විසින් ආර්ථික වශයෙන් අපහසුතාවයට පත්ව සිටින පුද්ගලයින් සොයා බැලීම ප්‍රාදේශීය ලේකම් මට්ටමින් සිදුකරන බවත්, මන්ත්‍රීවරුන්ටද ජීවත් වීමට අසීරු නම් සාමාන්‍ය පුරවැසියෙකු ලෙස සහනාධාර ඉල්ලිය හැකි බවද ඔහු පැවසීය.
එවැනි ඉල්ලීම් ලැබී නොමැති බවත්, මෙය අනාගතයට බලපාන නව පනතක් වන අතර එය ක්‍රියාත්මක වන දිනයෙන් පසුව පමණක් විශ්‍රාම වැටුප අහෝසි වන බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.
