වෙළෙඳපොලේ වාහන මිල ගණන් සීඝ්‍රයෙන් අඩුවී ඇති බව වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.
ඊට හේතුව ලෙස වාහනවලට ඇති ඉල්ලුම අධික ලෙස පහළ බැසීම බවත්, මේ වන විට බැංකුවලින් ලබාදෙන ණය මුදල්වල පොලිය ඉහළයාම හේතුවෙන් ණය මුදලකට හෝ වාහනයක් ලබා ගැනීමට නොහැකි බවත් එම සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ සඳහන් කර සිටියා.
දැනට ලක්ෂ 30ට අඩු වාහන මිලෙහි වෙනසක් සිදුව නොමැති බවත් ලක්ෂ 30ත් 50ත් 60ත් අතර වාහන යම්කිසි ප්‍රමාණයක් විකිණෙමින් පවතින අතර ලක්ෂ 100ට වඩා වැඩි වාහන විකුණාගැනීමට නොහැකි තත්ත්වයකට පත්ව ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
