Connect with us

Local News

22 ගැන විවාදය ලබන සතියේ…

Published

on

අද (29) පෙරවරුවේ රැස්වු පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී ලබන 6 සහ 7 යන දිනයන්හි දී, 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත විවාදයට ගැනීමට තීරණය කර තිබේ.

පාර්ලිමේන්තුව ලබන 3 වැනිදා සිට 7 වැනිදා දක්වා රැස්වීමට ද එහිදී තීරණය කර තිබේ.

Local News

නාවික හමුදාවේ විශේෂ යාත්‍රා බලඝණය සඳහා ජනාධිපති වර්ණ ප්‍රදානය කෙරේ..

Published

on

By

ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශේෂ යාත්‍රා බලඝණය සඳහා ජනාධිපති වර්ණ ප්‍රදානය කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ත්‍රිකුණාමල වරාය පරිශ්‍රයේ දී සිදු කෙරිණි. ඊට සමගාමීව ශ්‍රී ලංකා නාවික හමුදාවේ බලඇණි සමාලෝචනය (PFRs) ද සිදු කෙරුණු අතර, එය ලොව පුරා නාවික හමුදාවන් සිය රාජ්‍යයේ ස්වෛරීත්වයට හෝ රාජ්‍ය නායකයාට ගෞරව පුද කිරීමේ ඓතිහාසික හා සම්ප්‍රදායික උත්සවයකි.

Continue Reading

Local News

“කඳුලක් පිස දමමු” ව්‍යාපෘතියට තායිලන්තයෙන් මූල්‍ය පරිත්‍යාගයක්…..

Published

on

By

කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරාධිකාරි ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජි ස්වාමීන්වහන්සේ සහ තායිලන්තයේ බෞද්ධ බැතිමතුන් පිරිසක් ඊයේ (29) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවූ අතර එහිදි ඇමරිකානු ඩොලර් 50,000ක මූල්‍ය පරිත්‍යාගයක් සිදු කරන ලදී. මෙම මූල්‍ය පරිත්‍යාගය ඉතා අසරණ තත්ත්වයේ පසුවන ජනතාව වෙත පිහිටවීම සඳහා ජනාධිපති අරමුදල මගින් ක්‍රියාත්මක කිරීමට යෝජිත “කඳුලක් පිස දමමු” ව්‍යාපෘතියට යොදවන ලෙස ජනාධිපතිවරයා විසින් ජනාධිපති ලේකම්වරයා වෙත උපදෙස් දෙනු ලැබීය.

Continue Reading

Local News

විශ්වවිද්‍යාල අනධ්‍යන කාර්ය මණ්ඩලය සංකේත වැඩවර්ජනයක…

Published

on

By

වැටුප් විෂමතා ගැටලුව මුල් කර ගනිමින් විශ්වවිද්‍යාල අනධ්‍යන කාර්ය මණ්ඩල අද (28) සහ හෙට (29) සංකේත වැඩවර්ජනයක නිරත වෙයි.

පවතින ආර්ථික වාතාවරණය තුළ වැටුප් වැඩි කරන්නැයි ඉල්ලා, විශ්වවිද්‍යාල අධ්‍යන අනධ්‍යන සේවකයින් පසුගිය කාලයේ විවිධ වෘත්තිය ක්‍රියාමාර්ගයන්වල නිරත විය.

කෙසේ වෙතත් පසුගියදා විශ්වවිද්‍යාල අධ්‍යන කාර්ය මණ්ඩලවලට පමණක් අධ්‍යන දීමනා වැඩි කිරීමට රජය පියවර ගත්තේ ය.

Continue Reading

ප්‍රවණතාවන්