174 views 0 secs 0 comments

කොටුව ඉදන් මහනුවර යන විශේෂ සුඛෝපභෝගී සංචාරක දුම්රිය…

In Local News
September 29, 2022

2022 ඔක්තෝබර් 01 වනදා සිට සෑම සති අන්තයකම ධවනය වන පරිදි කොළඹ කොටුව සිට මහනුවර දක්වා විශේෂ සුඛෝපභෝගී සංචාරක දුම්රියක් ආරම්භ කිරීමට පියවර ගෙන තිබේ.

මෙම නව සංචාරක දුම්රිය පෙ.ව. 6.30ට කොළඹ කොටුවෙන් පිටත්වන අතර පෙරවරු 9.18ට මහනුවරට ළගාවීමට නියමිතය.

නැවතත් පස්වරු 4.50ට මහනුවරින් පිටත් වන දුම්රිය පස්වරු 7.40ට කොළඹ කොටුව දුම්රිය ස්ථානයට පැමිණේ.

දළදා මාළිගාව වැඳපුදා ගැනීමට සහ පේරාදෙණිය මල්වත්ත නැරඹීමට පැමිණෙන සංචාරකයින් ඉලක්ක කරගනිමින් මෙම විශේෂ දුම්රිය සැලසුම් කර ඇති අතර පළමු පන්තියේ ටිකට් පතක මිල රුපියල් 2,000ක් වන අතර 2 වන පන්තියේ ටිකට් පතක මිල රුපියල් 1,500කි.