104 views 2 secs 0 comments

කැළණිවැලියේ දුම්රිය කිහිපයක් තාවකාලිකව අත්හිටුවයි….

In Local News
February 22, 2025

පැඟිරිවත්ත ප්‍රදේශයේ සිදුකෙරෙන අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන්, කැලණිවැලි මාර්ගයේ අද (22) සහ හෙට (23) ධාවනය කිරීමට නියමිත දුම්රිය කිහිපයක් තාවකාලිව අත්හිටවා ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර සිටියා..

පහත සඳහන් දුම්රිය අද සහ හෙට ධාවනය කිරීම තාවකාලිකව නතර කෙරෙනු ඇත.

අංක 9254 | පෙ.ව. 08:30 කොළඹ කොටුව – අවිස්සාවේල්ල (මන්දගාමී)
අංක 9260 | ප.ව. 01:55 කොළඹ කොටුව – පාදුක්ක (මන්දගාමී)
අංක 9261 | ප.ව. 04:00 කොළඹ කොටුව – අවිස්සාවේල්ල (අර්ධ සීඝ්‍රගාමී)
අංක 9657 | ප.ව. 12:25 අවිස්සවේල්ල – කොළඹ කොටුව (මන්දගාමී)
අංක 9661 | ප.ව. 03:45 පාදුක්ක – කොළඹ කොටුව (අර්ධ සීඝ්‍රගාමී)

කෙසේවෙතත් රාත්‍රී කාලයේදී දුම්රිය ධාවනය කෙරෙන බවද සඳහන්ය.