ඉන්දියාව විදුලි දුම්රිය ධාවනය සඳහා යොමු වීමත් සමග භාවිතයෙන් ඉවත් කළ දුම්රිය එන්ජින් 20කට ආසන්න සංඛ්‍යාවක් මෙරටට ලබාදීමට එකඟතාව පළකර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර සිටියා.
එම දුම්රිය එන්ජින් මෙරටට යෝග්‍ය වන්නේ ද සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ඉදිරියේ දී තාක්ෂණික කණ්ඩායම ඉන්දියාව වෙත යැවීමට තීරණය කර ඇති අතර ඉන් අනතුරුව එම දුම්රිය එන්ජින් මෙරටට ලබා ගැනීමට තීරණයක් ගැනීමට නියමිත බව වාර්තා විය.
