70 views 0 secs 0 comments

මෙරට ළමුන් අතර තැලසිමියා රෝග වර්ධනයක්…

In Local News
May 08, 2025

මෙරට ළමුන් 2000ත් 2500ත් අතර පිරිසක් තැලසිමියා රෝගයට ගොදුරු වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සමිද්දි සමරකෝන් මහත්මිය පැවසුවේ, වසරකට උපත ලබන ළමුන්ගෙන් 40ත් 50ත් අතර පිරිසක් තැලසිමියා රෝගීන් ලෙස හඳුනාගෙන ඇති බවය.

තවද, රෝග වාහකයින් ලක්ෂ 5කට ආසන්න සංඛ්‍යාවක් මෙරට සිටින බවද, ජාත්‍යන්තර තැලසිමියා දිනය වෙනුවෙන් අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වෛද්‍ය සමරකෝන් මහත්මිය පැවසීය.

මෙවර තැලසිමියා දිනය “තැලසීමියා සමඟ එක්ව ප්‍රජාවන් එක්සත් කිරීම, රෝගීන්ට ප්‍රමුඛතාව දීම” යන තේමාව යටතේ සංවිධානය වෙයි.