62 views 0 secs 0 comments

පාකිස්තානයේ ලාහෝර් නගරයේ පිපිරීම් කිහිපයක්…

In World News
May 08, 2025

අද (08) උදෑසන පාකිස්තානයේ ලාහෝර් නගරයේ පිපිරීම් තුනක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම සිදුවීම්වලට හේතුවෙන් ලාහෝර් සහ ඉස්ලාමාබාද් ගුවන්තොටුපොළවල ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවා ඇති බවද වාර්තා වේ.

පිපිරීම් වාර්තා වී ඇත්තේ වෝල්ටන් ගුවන්තොටුපොළ අසල ගෝපාල් නගර් සහ නසීරාබාද් ප්‍රදේශයන්හිදීය. එම ප්‍රදේශවල පදිංචිව සිටින ජනතාව නිවෙස්වලින් පලායන ආකාරය සහ එම අවට කලාප දුමින් පිරී ඇති බවද විදෙස් වාර්තා පෙන්වයි.

මූලික වාර්තාවලට අනුව, පකිස්තාන ගුවන් හමුදාවේ පුහුණු අභ්‍යාසයක් අතරතුර මෙම පිපිරීම් සිදුවී ඇති බවට සැකයක් පවතින අතර, මේ පිළිබඳව තවම නිල ප්‍රකාශයක් නිකුත් වී නොමැත.

පිපිරීම් සිදුවී ඇත්තේ පකිස්තාන නාවික හමුදා යුද විද්‍යාලයට ආසන්නව සහ ලාහෝර් නගරයේ ජනප්‍රිය මොඩල් ටවුන් උද්‍යානය අසළ පිහිටි ඉහළ ආරක්ෂිත ප්‍රදේශයක බවද වාර්තා වේ.

එමෙන්ම මෙම පිපිරීම් සිද්ධියත් සමඟ ආරක්ෂක හේතූන් මත ශ්‍රී ලංකාවේ සිට පකිස්තානයේ ලාහෝර් දක්වා වන සියලුම ගුවන් ගමන් නැවත දැනුම් දෙන තුරු අත්හිටුවා ඇති බව ශ්‍රී ලංකන් ගුවන් සේවය නිවේදනය කර තිබේ.