177 views 0 secs 0 comments

ඉන්දියාවේ බිහිසුණු දුම්රිය අනතුර…

In World News
June 03, 2023

ඉන්දියාවේ මගී දුම්රිය දෙකක් සහ භාණ්ඩ දුම්රියක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ඉන්දියාවේ ඔඩීෂා ප්‍රාන්තයේ බලසෝර් නගරයේ දී සිදු වී මෙම අනතුරින් පුද්ගලයින් 260කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වී ඇති අතර සිද්ධියෙන් තුවාල ලැබූ සංඛ්‍යාව 900කට අධික බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

මෙම මාරාන්තික දුම්රිය අනතුර ඊයේ රාත්‍රී 7ට පමණ සිදු වූ අතර ෂාලිමාර් සිට චෙන්නායි දක්වා ධාවනය කෙරෙන කොරමැන්ඩල් එක්ස්ප්‍රස් නම් දුම්රිය බලසෝර්හිදී පීලි පැනීමකට ලක්වීමෙන් එහි ප්‍රථම අනතුර සිදුවී තිබුණි. දුම්රිය පීලිපැනීමත් සමග ඉන් ගැලවී ගිය මැදිරි ඊට සමාන්තරව දෙපසින් දිවෙන දුම්රිය මාර්ග දෙක මතට විසිවී ගොස් නතර වී තිබුණේ එහි නවතා තිබූ භාණ්ඩ ප්‍රවාහන දුම්රියක ද ගැටීමෙන් පසුවය.

2004දී හික්කඩුව පැරෑලියේදී සිදුවූ දුම්රිය අනතුරින් පසු ලොව සිදුවූ බිහිසුණුම දුම්රිය අනතුර මෙය බව විදෙස් මාධ්‍ය වාර්තා කළ අතර තවදුරටත් ගලවා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක වෙමින් පවතිනවා.