220 views 1 sec 0 comments

දකුණු අප්‍රිකානු ජනාධිපතිට කොවිඩ් අසාදනය වෙයි…

In World News
December 13, 2021

දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රම්පෝසා ට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ. මේ වන විට ඔහු හි ස්වයං-නිරෝධායනට යොමුවී සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ජනාධිපතිවරයා සුවය ලබන තෙක් රටේ පාලන කටයුතු නියෝජ්‍ය ජනාධිපති ඩේවිඩ් මබුසා ට පවරා ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. එමෙන්ම පසුගිය සතිය තුළ ජනාධිපතිවරයා සමඟ සමීප සම්බන්ධතා පැවැත්වූ සියලු පාර්ශවයන් කඩිනම් කොවිඩ් පරික්ෂණ සඳහා යොමුවන ලෙස දැනුම් දී ඇති බව දකුණු අප්‍රිකානු ජනාධිපති කාර්යාලය පැවසීය.