
හිටපු ශ්‍රී ලංකා නායක මහේල ජයවර්ධන 2022 ජනවාරි 1 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි ජාතික කණ්ඩායම් සඳහා ‘උපදේශක පුහුණුකරු’ ලෙස පත් කර ඇත.
වසරක කාලයක් සඳහා බලපැවැත්වෙන ඔහුගේ නව භූමිකාව තුළ ජාතික කණ්ඩායම්වල සමස්ත ක්‍රිකට් අංගය භාරව කටයුතු කරන ජයවර්ධන, ඉහළ කාර්ය සාධන මධ්‍යස්ථානයේ ක්‍රීඩකයින්ට සහ කළමනාකරණ කණ්ඩායම් සඳහා අගනා උපාය මාර්ගික සහයක් ලබා දෙනු ඇත.