68 views 0 secs 0 comments

නව විභාග කොමසාරිස් ජනරාල් පත් කිරීමට කැබිනට් අනුමැතිය….

In Local News
May 08, 2025

විභාග කොමසාරිස් ජනරාල් තනතුර සඳහා ඒ. කේ. සුභාෂිණි ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලබා ඇති බව වාර්තා වේ.

මෙම පත්වීම සිදුකෙරෙන්නේ හිටපු විභාග කොමසාරිස් ජනරාල් එච්. ජේ. එම්. සී. ඒ. ජයසුන්දර මහතාගේ සේවා කාලය 2025 මැයි 06 දිනෙන් අවසන් වූ පසු ය.

සුභාෂිණි ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය දැනටමත් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ විභාග කොමසාරිස් ලෙස කටයුතු කරන අතර ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනියෙකි.

ඒ අනුව පුරප්පාඩු වූ විභාග කොමසාරිස් ජනරාල් තනතුර සඳහා ඇය වහාම ක්‍රියාත්මක වන පරිදි පත් කිරීම සඳහා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ලෙස කටයුතු කරන අග්‍රාමාත්‍යවරිය ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස කැබිනට් අනුමැතිය හිමිවී ඇත.