76 views 0 secs 0 comments

සිරි දළදා වන්දනාව හේතුවෙන් මහනුවර පාසල් කිහිපයකට අද සිට විශේෂ නිවාඩු…

In Local News
April 21, 2025

සිරි දළදා වන්දනාව හේතුවෙන් මහනුවර නගර සීමාවට ආසන්නව පිහිටි පාසල් කිහිපයකට අද (21) සිට අප්‍රේල් 25 වැනිදා දක්වා විශේෂ නිවාඩු ලබාදී ඇති බව මධ්‍යම පළාත් අධ්‍යාපන කාර්යාලය සඳහන් කළේය.

අවශ්‍යතා මත මෙම නිවාඩු කාලය දිගු කළ හැකි අතර, එවිට පාසල් තවදුරටත් වසා තබා ගැනීමට කටයුතු කරන බවද සඳහන් වේ.

මෙම පාසල් වෙන් කර ඇත්තේ මහනුවර ආරක්ෂාවට යොදවන පොලීසිය සහ ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට නවාතැන් ලබා දීම සඳහාය.

එසේම, දළදා වන්දනාව සදහා පැමිණෙන ආබාධිත සහ වැඩිහිටි පුද්ගලයින්ට නවාතැන් පහසුකම් සලසන කටයුතු සඳහාද මෙම පාසල් භාවිතා කරන බව අදාළ ආයතන පවසයි.