252 views 0 secs 0 comments

රැකියා සඳහා විදේශගතවන්නන්ට එන්නත් පහසුකම්….

In Local News
June 27, 2021

රැකියා සඳහා විදේශගත වන ශ්‍රමිකයින්ට කොවිඩ් මර්දන එන්නත ලබා ගැනීමේ අවශ්‍යතාවය පිළිබඳව ජනාධිපතිවරයාගේ අවධානය යොමු කිරීමෙන් අනතුරුව රැකියා සඳහා විදේශගත වන සියලුම අය වෙනුවෙන් කොවිඩ් මර්දන එන්නත් පහසුකම් ලබාදීමට රජය තීරණය කර ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනය කරයි.

මෙම එන්නත ලබාදීම සඳහා සුදුසුකම් ලබන්නේ, රැකියා සඳහා විදේශගතවීමට අවශ්‍ය, රැකියා ගිවිසුම, වීසා බලපත්‍රය හා රැකියා ප්‍රදානය කිරීමේ පත්වීම් ලිපිය යන ලේඛන ලැබූ අය පමණි.

බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිත ආයතනයක් මගින් විදේශගත වන අය එම රැකියා ඒජන්සිය හරහා ද, ස්වයං මාර්ගයෙන් විදේශගතවන්නන් කාර්යාංශයට දුරකථන ඇමතුමක් ලබාදී අදාළ තොරතුරු ඉදිරිපත් කර ලියාපදිංචිය ලබාගත යුතුය.

එන්නත් කිරීම් කටයුතු ඉදිරි සතියේ ආරම්භ කිරීමට නියමිත අතර වැඩි විස්තර 1989 අංකය ඇමතීමෙන් ලබාගත හැකිය.