
අද පැවති කොවිඩ් මර්දන විශේෂ කමිටුවේ කොවිඩ් ආසාදිතයන් සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කළ මොල්නුපිරවීර් කරල ලබාදීම පිළිබඳව සාකච්ඡා කර තිබෙනවා. ජනාධිපතිවරයා විසින් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මඟින් අදාළ ඖෂධ රටට ගෙන්වීමට කටයුතු කරන ලෙස රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමනට දැනුම්දී ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.