202 views 0 secs 0 comments

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ 5 වැනි ජාතික මහා සම්මේලනය

In Local News, Politics
November 03, 2021

ඊයේ (02) කොළඹ නෙළුම් පොකුණ රඟහලේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ 5 වැනි ජාතික මහා සම්මේලනය පැවැත්විය. පොහොට්ටුව නමින් කවුරුත් හඳුන්වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ  බිහිවූයේ, 2016 වසරේ නොවැම්බර් 01 වැනිදායි. පක්ෂ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සම්මේලනය ආරම්භ වූයේ , එහි නිර්මාතෘ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ පැමිණිමත් සමගයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පක්ෂ සම්මේලනය වෙනුවෙන් වීඩියෝ තාක්ෂණ ඔස්සේ විශේෂ ප්‍රකාශයක් සිදු කළේය.
මේ අවස්ථාවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙසේ ප්‍රකාශ කළේය.
“දුෂ්කර අවස්ථාවල අපිට අපේ එක පිළේ සිටි අය එක අරමුණකට සටන් කළ අය ඒ කවුරුත් අපිට ඈත් කරන්න බැහැ. ඒ අය අපේ ආධාරක නොවෙයි. අපේ කිහිලිකරු නොවෙයි. ඒ අය අපේ අතකොළු ත් නොවෙයි. ඒ නිසා එදා සිටි සියලු පක්ෂ එකට ඉන්න ඕන. ඒ සමගිය රකින එක ප්‍රධාන පක්ෂයේ අපේ වගකීමක් වෙනවා”

එමෙන්ම මහා සම්මේලනයේ දී ගුරු වර්ජනය , ගොවි වර්ජනය පිළිබඳව ද කතා කළේය.