
එකම රටක් එක නීතියක්’ සංකල්පය ක්‍රියාත්මක කිරීම සඳහා පත් කළ කාර්ය සාධක බලකායේ ප්‍රධානියා විය යුතුව තිබුණේ මහානායක හිමියන් විසින් නම් කරන ලද භික්ෂුවක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ඊයේ ප්‍රකාශ කළේය. මේ බව ෆොන්සේකා මහතා මාධ්‍ය හමුවකදී පැවසීය. කාර්ය සාධක බළකායේ ප්‍රධානියා විය යුතු භික්ෂූන් වහන්සේ නමක් කාගේත් පිළිගැනීමට ලක්විය යුතු බව එම නිසා රජය මෙවැනි කරුණු සම්බන්ධයෙන් මහානායක හිමිවරුන්ගේ උපදෙස් ලබා ගත යුතු බවද ඔහු පැවසීය.