දැනට රට තුළ දෛනිකව බිත්තර මිලියන 3ක පමණ හිඟයක් පවතින බවත්, මෙම දෛනික බිත්තර හිඟය ජූනි මාසය වන විට අවසන් වනු ඇති බවත් වෙළෙඳ වාණිජ සහ ආහාර සුරක්ෂිතතා අමාත්‍යංශයේ ලේකම් ප්‍රියංක අතපත්තු ප්‍රකාශ කර සිටියා.
එමෙන්ම ඊයේ (20) සිට බලපැවැත්වෙන පරිදිසුදු බිත්තරයක් සඳහා රුපියල් 44ක් සහ රතු බිත්තරයක් සඳහා රුපියල් 46ක උපරිම සිල්ලර මිලක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.
