104 views 0 secs 0 comments

තැපැල් වැඩ වර්ජනය තව දුරටත් ක්‍රියාත්මකයි…

In Local News
December 11, 2023

ඊයේ පස්වරු 4.00 සිට දිවයින පුරා තැපැල් සේවකයින් ආරම්භ කළ සංකේත වැඩ වර්ජනය අදත් (11) ක්‍රියාත්මක විය.

තැපැල් දෙපාර්තමේන්තුවට අයත් ගොඩනැගිලි විදේශීය සමාගම්වලට විකිණීමට විරෝධය පලකරමින් මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා ප්‍රකාශ කර සිටියා.

වැඩවර්ජනය සඳහා තැපැල් සේවකයින් 27,000ක් එක්ව සිටින බව ඔහු සඳහන් කළ අතර, රුපියල් 20,000 ක දීමනාවක් ලබන ජනවාරි මාසයේ සිට රාජ්‍ය සේවකයින්ට ලබාදිය යුතු බවට බලකිරීම මෙම වැඩවර්ජනයේ තවත් අරමුණක් බව ඔහු සඳහන් කළේ ය.

මෙම වැඩවර්ජනය හෙට මධ්‍යම රාත්‍රිය තෙක් ක්‍රියාත්මක වෙයි.