124 views 0 secs 0 comments

වැටුප් දීමනාව වෙනුවෙන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය….

In Local News
December 11, 2023

හෙට (12) දින දීපව්‍යාප්තව අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ක්‍රියාත්මක කරන බව රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති කැඳවුම්කරු චන්දන සූරියආරච්චි මහතා අද මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රකාශ කර සිටියා.

රාජ්‍ය සේවක වැටුප සඳහා අවම රුපියල් 20,000ක දීමනාවක් ලබාදෙන ලෙස ඉල්ලා සිටිමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කරන බව රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව සඳහන් කර සිටි අතර දෙසැම්බර් 13 වනදා සිය ඉල්ලීම් සඳහා නිසි ප්‍රතිචාරයක් නොලැබුණහොත් අසනීප නිවාඩු වාර්තා කිරීම එක්දිනකින් අවසන් නොකරන බවද එම වෘත්තීය සමිති එහිදී රජයට අනතුරු ඇඟවීය.