
අද (26) දියවන්නා වැවේ ගිලී 18 හැවිරිදි තරුණයෙකු අතුරුදන්ව ඇති බව පොලීසිය පවසනවා. මාළු ඇල්ලීමට ගිය පිරිසක් රැගත් ඔරුවක් පෙරළී යාමෙන් මෙම තරුණය අතුරුදන්ව තිබෙන අතර අතුරුදන් වූ පුද්ගලයා සොයා පොලීසිය සහ නාවික හමුදා මෙහෙයුම් කටයුතු දියත් කර ඇත. ඔරුවේ සිටි ඉතිරි පුද්ගලයින් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ.