193 views 0 secs 0 comments

අද රැස්වන පාර්ලිමේන්තුව….

In Local News
August 03, 2021

අගෝස්තු මාසයට අදාළ පාර්ලිමේන්තු පළමුවැනි රැස්වීම් සතිය අද (03) ආරම්භ වේ.

අද පෙරවරු 10ට පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භවීමට නියමිතය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ 2020 වසර සඳහා වන වාර්ෂික වාර්තාව පිළිබඳ විවාදය අද පැවැත්වෙන අතර හෙට (04) ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ සංශෝධන පනත් කෙටුම්පත සහ සේවකයින්ගේ ජාතික අවම වේතනයට අදාළ සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය පැවැත්වීමට නියමිතය
ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත ලබන සිකුරාදා විවාදයට ගන්නා බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසීය.