228 views 1 sec 0 comments

බිත්තියේ සටහන් තැබුවේ ඉශාලිනී ද….?

In Local News
August 03, 2021

රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ නිවසේදී පිළිස්සුම් තුවාල සහිතව මියගිය 16 හැවිරිදි දැරිය රැඳීසිටි කාමරයේ බිත්තියක තිබූ විශේෂ සටහනක් සම්බන්ධයෙන් පොලීසිය පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.

අදාළ දැරිය රැඳී සිටි කාමරය පරීක්ෂා කිරීමේදී එහි බිත්තියක ඉංග්‍රීසි අක්ෂරයෙන් දෙමළ අර්ථයක් ලබාදෙන ආකාරයට සටහනක් ලියා ඇති අතර එහි සිංහල අර්ථය වන්නේ ‘මගේ මරණයට හේතුව’ යන්න බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළා.

ඊට අමතරව ඊයේ දිනයේ එම ස්ථානය රජයේ රසපරීක්ෂක දෙපාර්තමේන්තුවේ අත්අකුරු පිළිබඳ විශේෂඥයින් විසින් පරීක්ෂා කර තිබේ.

මෙම දැරිය පාසල් ගිය සමයේදී භාවිත කළ පොත් කිහිපයක් විමර්ශන නිලධාරීන් විසින් සොයාගෙන ඇති අතර බිත්තියේ තිබූ අදාළ වැකිය ඇය විසින්ම සටහන් කරන ලද්දක් දැයි පරීක්ෂා කිරීම ඒ අනුව සිදුවේ.