
අද (29) දිනයේ ඉන්ධන මිල ඉහළයාමත් සමඟ බස් ගාස්තු සංශෝධනය ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා.
රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම වෙත බස් ගාස්තු සංශෝධනයට අදාළ වාර්තාව ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.
බස් සංගම් සඳහන් කළේ නව සංශෝධනයට අනුව සාමාන්‍ය සේවා, සුඛෝපභෝගී, අර්ධ සුඛෝපභෝගී මෙන්ම අධිවේගී මාර්ගවල බස් ගාස්තු ද ඉහළ යනු ඇති බවයි.