148 views 1 sec 0 comments

කොළඹ – බදුල්ල මාර්ගයේ කොටසකට දුර ගමන් බස් ධාවනය සීමා වේ.

In Local News
December 11, 2023

අද (11) සිට කොළඹ – බදුල්ල මාර්ගයේ හාලිඇල, උඩුවර ප්‍රදේශයෙන් සියලු දුර ගමන් බස් ධාවනය සීමා කර ඇති බව වාර්තා වේ..
හාලිඇල, උඩුවර මාර්ගයේ සිදුවූ නායයෑම හේතුවෙන් ඊයේ පස්වරුවේ සිට එම මාර්ගයේ බර වාහන ධාවනය ද සීමා කර ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ.

ඊට විකල්ප මාර්ග ලෙස ඇටම්පිටිය – මාලිගාතැන්න හරහා බණ්ඩාරවෙල මාර්ගය භාවිතා කළ හැකි ය.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ, කෙසේ වෙතත් බණ්ඩාරවෙල සිට සැහැල්ලු වාහන සඳහා පමණක් එම මාර්ගය විවෘතව පවතින බවයි.

මේ අතර, බදුල්ල, කළුතර, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මාතලේ, මාතර, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්කවලට නිකුත් කළ නායයෑමේ අනතුරු ඇඟවීම තවදුරටත් බලාත්මකයි.