173 views 0 secs 0 comments

දැවැන්ත විරෝධතාවයක පෙර නිමිති…

In Local News
February 19, 2023

ලබන 22 වනදා දැවැන්ත විරෝධතාවක් පවත්වන බව ලංකා විදුලි බල මණ්ඩයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය ප්‍රකාශ කර සිටියා.
ඒ විදුලි ගාස්තුව ඉහළ දැමීමට එරෙහිව හා තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමිනි.

කොළඹ කොටුව දුම්රිය ස්ථානය අසලදී මෙම විරෝධතාව ආරම්භ කරන බවයි එහි කැඳවුම්කරු රංජන් ජයලාල් සඳහන් කර සිටියා.

එමෙන්ම පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරුන්ගෙන් බහුතරයක් විදුලි බිල නොගෙවන බවත් ඒවා විසන්ධි කිරීමක්ද අදාළ ආයතනවලින් සිදු නොවන බවත් සාමාන්‍ය ජනතාවට පමණක් විදුලිය විසන්ධි කරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියා.