Connect with us

Local News

තෙවන පාසල් වාරයේ අවසන් අදියර අදින් ඇරඹේ..

Published

on

තුන්වන පාසල් වාරයේ තුන්වන අදියර අදින් (20) ආරම්භ වූ අතර එය මාර්තු මස 24 වැනිදා දක්වා ක්‍රියාත්මක බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කර සිටියා.

මේ අතර 2023 වර්ෂයේ පළමු පාසල් වාරය, මාර්තු මස 27 වැනිදා ආරම්භ වීමට නියමිතයි.

අප්‍රේල් මස 04 වැනිදා සිංහල දෙමළ අලුත් අවුරුදු නිවාඩුව ලබා දෙන බව අතර අලුත් අවුරුදු නිවාඩුවෙන් පසුව පාසල් යළි ඇරඹෙන දිනය පසුව දැනුම් දෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ ය.

පාසල්වල නිවාසාන්තර ක්‍රීඩා උළෙල මාර්තු 31 වැනිදාට පෙර පවත්වන්නැයි අධ්‍යාපන අමාත්‍යාංශය විදුහල්පතිවරුන්ට දැනුම්දී තිබේ.

පාසල් ආරම්භ කිරීමත් සමග ඉහළ ගොස් ඇති ඩෙංගු අවදානමෙන් සිසුන් ආරක්ෂා කර ගැනීම සඳහා ජාතික ඩෙංගු මර්දන ඒකකය, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත විශේෂ උපදෙස් මාලාවක් ද නිකුත් කළේ ය.

Local News

බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවයි..

Published

on

By

බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු තාවකාලිකව නැවත්වීමට පියවර ගන්නා බව ප්‍රවාහන අමාත්‍යාංශය පවසයි. ඒ බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ පරිගණක පද්ධතියේ යාවත්කාලීන කිරීමක් හේතුවෙනි.

ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම් කේ සී එන් පෙරේරා මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් මේ බව ප්‍රකාශ කල අතර එළඹෙන 27 වනදා සිට ඔක්තෝබර් 02 වනදා දක්වා වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවනු ඇත.

ඒ අනුව සැප්තැම්බර් මස 26 වනදා සිට කල් ඉකුත්වන වාහන ආදායම් බලපත්‍ර ඔක්තෝබර් මස 10 වනදා දක්වා දඩ මුදල් ගෙවීමකින් තොරව නැවත ලබාගැනීමට හැකියාව පවතී.

එමෙන්ම www.motortraffic.wp.gov.lk යන වෙබ් අඩවියට පිවිසීම මගින් මාර්ගගත ක්‍රමය යටතේ වාහන ආදායම් බලපත්‍ර ලබාගැනීම සැප්තැම්බර් මස 24 මධ්‍යම රාත්‍රියේ සිට ඔක්තෝබර් මස 06 වනදා දක්වා තාවකාලිකව අත්හිටුවා තිබේ.

Continue Reading

Local News

ඉන්දියාවෙන් මෙරටට එන දුම්රිය එන්ජින්….

Published

on

By

ඉන්දියාව විදුලි දුම්රිය ධාවනය සඳහා යොමු වීමත් සමග භාවිතයෙන් ඉවත් කළ දුම්රිය එන්ජින් 20කට ආසන්න සංඛ්‍යාවක් මෙරටට ලබාදීමට එකඟතාව පළකර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර සිටියා.

එම දුම්රිය එන්ජින් මෙරටට යෝග්‍ය වන්නේ ද සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ඉදිරියේ දී තාක්ෂණික කණ්ඩායම ඉන්දියාව වෙත යැවීමට තීරණය කර ඇති අතර ඉන් අනතුරුව එම දුම්රිය එන්ජින් මෙරටට ලබා ගැනීමට තීරණයක් ගැනීමට නියමිත බව වාර්තා විය.

Continue Reading

Local News

සචිත්‍රට ඇප…

Published

on

By

රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක අද (25) ඇපමත මුදා හැර තිබේ.

Continue Reading

ප්‍රවණතාවන්