77 views 0 secs 0 comments

‘අධ්‍යාපන කවුන්සිලයක්’ පැවැත්වීමට රජය සූදානම් – අගමැතිවරිය.

In Local News
March 05, 2025

අධ්‍යාපනයේ පරිවර්තනයක් උදෙසා ‘අධ්‍යාපන කවුන්සිලයක්’ පිහිටුවීමට රජය සූදානම් බවත්, අධ්‍යාපන ක්ෂේත්‍රයේ වෘත්තීය භාවය සහ ගුණාත්මක භාවය සංවර්ධනය කිරීම එම අධ්‍යාපන කවුන්සිලය පිහිටුවීමේ මූලික අරමුණු දෙකක් බවට පත් වන බවත්, අග්‍රාමාත්‍ය අචාර්ය හරිනි අමරසූරිය සඳහන් කළාය.

අගමැතිවරිය මේ බව සඳහන් කලේ ජාතික අධ්‍යාපන ආයතනයේ මීගොඩ පිහිටි අධ්‍යාපන නායකත්ව සංවර්ධන හා කළමණාකර පීඨ ශ්‍රවණාගාරයේ දී පැවති උත්සවයකට එක්වෙමිනි.