94 views 0 secs 0 comments

බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ නව ලේකම් පත් කෙරේ..

In Local News
March 05, 2025

ජනපති අනුර කුමාර මහතා විසින් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ඩබ්ලිව්.පී.සේනාධීර මහතා පත් කර තිබේ.

ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් ඩබ්ලිව්. පී. සේනාධීර මහතා වෙත අද (05) ජනාධිපති ලේකම් කාර්යාලයේදී පිරිනැමිණ.‍