
2024 (2025) අපොස සාමාන්‍ය පෙළ විභාගය 2025 මාර්තු 17 සිට 26 දක්වා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව අද නිවේදනය කර සිටියා.
පාසල් සිසුන්ගේ ප්‍රවේශ පත්‍ර අදාළ පාසල් වෙත මේ වන විට යවා ඇති අතර පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර ඔවුන්ගේ නිවෙස් වෙත යවා ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
ප්‍රවේශ පත්‍ර නොලැබුණු විභාග අපේක්ෂකයින්ට 2025 මාර්තු 07 වනදා දක්වා www.doenets.lk නිල වෙබ් අඩවියෙන් ඒවා බාගත කර ගැනීමට කටයුතු යොදා ඇති අතර, තම නම්, විෂයයන් හෝ මාධ්‍යයේ වෙනස්කම් කිරීමට අවශ්‍ය විභාග අපේක්ෂකයින්ට https://onlineexams.gov.lk/eic හරහා 2025 මාර්තු 10 දක්වා මාර්ගගතව එය කළ හැකි බව එහි වැඩිදුරටත් සඳහන් වේ.