160 views 0 secs 0 comments

වසන්ත මුදලිගේ සම්බන්ධව ඉදිරිපත් වූ මූලික අයිතිවාසිකම් පෙත්සමක්…

In Local News
August 26, 2022

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩල කැඳවුම්කරු වසන්ත මුදලිගේ අත්අඩංගුවට ගෙන රඳවාගෙන තබාගැනීම නීතිවිරෝධී බවට තීන්දුකර ඔහුගේ රැඳවුම් නියෝගය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

එහි වගඋත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා, ත්‍රස්ත මර්දන කාර්යාංශයේ අධ්‍යක්ෂවරයා, ආරක්ෂක ලේකම්වරයා සහ නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර ඇති බවයි සඳහන් වන්නේ.