හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක තම දූෂණ විරෝධී සටන දිගටම ගෙනියන බව ප්‍රකාශ කර සිටියා. එමෙන්ම මේ වන විට තමන්ට ලැබී තිබෙන්නේ අර්ධ නිදහසක් බවත්, භාෂණයේ නිදහස තමන්ට අහිමිවී ඇති බවත්, පෙර බොහෝ නිදහසේ අදහස් ප්‍රකාශ කළ තමාට මේ වන විට යම් පාලනයකින් යුතුව අදහස් දැක්වීමට සිදු වී ඇති බවද පෙන්වා දුන්නා.
තමන් නිරන්තරයෙන් සිටින්නේ ජනතාව සමඟ බවත්, ඉදිරියේදි නැවතත් දේශපාලනයට පිවිස ජනතාවට සේවය කිරීමට බලාපොරොත්තු වන බවද, තමන් කිසිදින වෙනස් නොවන බවද ඔහු තවදුරටත් ප්‍රකාශ කර සිටියා.