96 views 0 secs 0 comments

බොරැල්ලේ වෙඩි තැබීමක් – ඉලක්කය වූ පුද්ගලයා පලා යයි..

In Local News
June 24, 2025

අද (24) පස්වරු 5.45ට පමණ බොරැල්ල ඩම්ප්එක වත්ත ප්‍රදේශයේදී වෙඩි තැබීමක් සිදුව තිබේ.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්තුකරුවන් දෙදෙනෙකු මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව පොලිස් වාර්තා වලින් සඳහන් වේ.

වෙඩි තැබීමේ ඉලක්කය වූ පුද්ගලයා වෙඩි ප්‍රහාරයත් සමඟම පලා ගොස් ඇති අතර, ඔහුගේ තත්ත්වය පිළිබඳව මේ වන විට තොරතුරු නොමැත.

වෙඩි තැබීමට සැකපත් වූ පුද්ගලයින් සම්බන්ධයෙන් මෙතෙක් කිසිඳු තොරතුරක් වාර්තා වී නැති අතර, බොරැල්ල පොලීසිය මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇත.