97 views 0 secs 0 comments

ඊශ්‍රායලය සහ ඉරානය සටන් විරාමය උල්ලංඝනය කළ බව ට්‍රම්ප් පවසයි

In World News
June 24, 2025

ඊශ්‍රායලය සහ ඉරානය දෙරටම තමන් ප්‍රකාශ කළ සටන් විරාමය උල්ලංඝනය කර ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පවසයි.

එමනිසා මෙම රටවල් දෙක කෙරෙහි තමන් සතුටු නොවන බවත්, විශේෂයෙන් ඊශ්‍රායලයේ ක්‍රියාවලිය පිළිබඳව අප්‍රසාදය පළකරන බවත් ඔහු සඳහන් කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

“බෝම්බ හෙලන්න එපා, ඔබේ ගුවන් නියමුවන් දැන්ම නැවත ගෙන්වා ගන්න” යනුවෙන් ඔහු ඊශ්‍රායලයෙන් ඉල්ලා ඇති අතර, ඉරානයට ගුවන් ප්‍රහාර එල්ල නොකරන ලෙසද දැඩි අනතුරු ඇඟවීමක් සිදු කර තිබේ.

“බෝම්බ ප්‍රහාර එල්ල කිරීම විශාල උල්ලංඝනයක්” යනුවෙන්ද ඔහු අවධාරණය කර තිබේ.

නෙටෝ සමුළුව සඳහා ධවල මන්දිරයෙන් පිටවෙමින් සිටියදී වාර්තාකරුවන්ට අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කර ඇත්තේ, “ඉරානය උල්ලංඝනය කළා, නමුත් ඊශ්‍රායලයත් උල්ලංඝනය කළා. අපි ගිවිසුම් ඇතිකරගත් වහාම ඊශ්‍රායලය බෝම්බ ප්‍රහාර එල්ල කළා. එය මම දැකපු විශාලතම ප්‍රහාරයක්. මම ඉරානය ගැනත් සතුටු නෑ. ඊශ්‍රායලය ගැනත් සතුට නෑ. දෙපාර්ශවයම දැන් කරන්නේ මොකක්ද කියලා ඔවුන්වත් දන්නෙ නැහැ,” යනුවෙන්ද ට්‍රම්ප් මහතා සඳහන් කර තිබේ.