රාජ්‍ය ආයතන හතරක සභාපතිවරුන් ලෙස පත්කිරීම සඳහා පත්කල නිලධාරීන්ට උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිව තිබේ.
මෙම අනුමැතිය ලැබුණුේ පසුගිය 20 වනදා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සභාපතිත්වයෙන් රැස් වූ කාරක සභා රැස්වීමේදීය.
මේ අනුව, සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලයේ (ETF) සභාපති ලෙස සෝමසිරි ඒකනායක මහතා, ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ සභාපති ලෙස බී. ඒ. පී. කේ. ආර්. බමුණු ආරච්චි මහතා, සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති ලෙස එම්. ආර්. එච්. ස්වර්ණතිලක මහතා සහ පරන්තන් කෙමිකල්ස් සමාගමේ සභාපති ලෙස එස්. නේසරාජන් මහතා පත්කිරීමට කාරක සභාව අනුමැතිය ලබා දී තිබෙන බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නිවේදනය කරයි.
