අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා බුර්කාව තහනම් කිරීම සම්බන්ධයෙන් අද (16) පැවති කැබිනට් මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ඒ පිළිබඳව ඉදිරියේදී තීරණයක් ගැනීමට නියමිත බව ප්‍රකාශ කර සිටියා. එමෙන්ම ඔහු පෙන්වා දෙන්නේ බුර්කාව තහනම් කිරීම සම්බන්ධයෙන් රජය අවසන් තීරණයක් ගනු ලබන්නේ විධිමත් අධ්‍යයනයකින් පසුව බවය.
කෙසේ වෙතත් බුර්කාව හා ලියාපදිංචි නොකළ මද්‍රසා පාසැල් තහනම් කිරීමට අදාළ කැබිනට් පත්‍රයට මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර විසින් පසුගිය 13 වනදා අත්සන් කරනු ලැබුවා.
මේ අතර සෞඛ්‍ය ආරක්ෂිත මුහුණු ආවරණ හැරුණු විට සෙසු මුහුණු ආවරණ තහනම් කරමින් ගෙන එනු ලබන නව නීතිය කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවට ද අමාත්‍යවරයා පසුගිය දා ප්‍රකාශ කළා.
