120 views 0 secs 0 comments

වැල්ලවත්තේ ප්‍රදේශ කිහිපයකට විදුලි සැපයුම නවතී…

In Local News
August 17, 2023

විදුලි රැහැනකට හානි සිදුවීම හේතුවෙන් වැල්ලවත්තේ ප්‍රදේශ කිහිපයකට විදුලිය බිඳ වැටීමක් සිදුව තිබේ.

වැල්ලවත්ත ඩබ්ලිව්.ඒ. සිල්වා මාවත ප්‍රදේශයේදී මෙලෙස විදුලි රැහැනකට හානි සිදුව ඇති අතර විදුලි ජනන යන්ත්‍ර යොදාගනිමින් ප්‍රදේශ කිහිපයක් සඳහා විදුලි සැපයුම ලබාදීමට පියවර ගෙන ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කර සිටියා.

එසේම විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කිරීම සඳහා අවශ්‍ය කටයුතු ලංකා විදුලිබල මණ්ඩලය විසින් මේ වනවිට සිදුකරමින් පවතී.