130 views 0 secs 0 comments

රිජ්වේ ආර්යා ළමා රෝහලට ගිය ජාතික ක්‍රිකට් කණ්ඩායම…

In Local News
August 24, 2023

අද (24) ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් රිජ්වේ ආර්යා ළමා රෝහලේ නිරීක්ෂණ චාරිකාවකට එක්වී තිබෙනවා.

රිජ්වේ ආර්යා ළමා රෝහලේ ලිට්ල් හාර්ට්ස් ව්‍යාපෘතිය සඳහා සහයෝගය දැක්වීමේ අරමුණින් මෙම චාරිකාව සිදු කළ බව ක්‍රිකට් ආයතනය සඳහන් කර සිටියා

මෙහිදී ක්‍රීඩකයින් රෝහලේ හෘද රෝග වාට්ටු නිරීක්ෂණය සදහා එක් වූ අතර ක්‍රීඩකයින්ට අමතරව පුහුණුකරුවන් හා කණ්ඩායම්ක ලමණාකාරීත්වයද මෙම චාරිකාව සඳහා එක්ව ඇති බව වාර්තා වේ.

‘ලිට්ල් හාර්ට්ස්’ ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් රුපියල් මිලියන 100 ක මුදලක් ද පරිත්‍යාග කර තිබුණා.