167 views 0 secs 0 comments

22 ගැන විවාදය කල් යයි..

In Local News
October 06, 2022

22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත මීළඟ පාර්ලිමේන්තු සැසි වාරයකදී විවාදයට ගැනීමට පසු නායකයින් තීරණය කළ බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා දැනුම් දී සිටියා.

පසුගියදා පාර්ලිමේන්තුව රැස් වූ අවස්ථාවේ 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අද(06) විවාදයට ගැනීමට එකගතාවය පල කර තිබිණි.

කෙසේ වුවද මීළඟ පාර්ලිමේන්තු සැසිවාරය ලබන 18ව දින ආරම්භ වන බව වාර්තා වේ.