Connect with us

Local News

නව අමාත්‍ය මණ්ඩලය පත් කෙරේ…

Published

on

ජාතික ජන බලවේග රජයේ නව අමාත්‍ය මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (18) පෙරවරුවේ දිවුරුම් දුන්නේය.

නව ඇමති මණ්ඩලය විසි එකකට සීමා වන අතර ආරක්ෂක , මුදල් සැලසුම් සහ ආර්ථික සංවර්ධන, ඩිජිටල් ආර්ථික යන අමාත්‍යාංශ ජනාධිපතිවරයා යටතට පත් කර ඇත.

නව රජයේ අග්‍රාමාත්‍යවරිය ලෙස ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය දිවුරුම් දුන් අතර කැබිනට් අමාත්‍යවරු පහත පරිදි වේ.

01 ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා – ආරක්ෂක, මුදල් සැලසුම් සහ ආර්ථික සංවර්ධන හා ඩිජිටල් ආර්ථික අමාත්‍ය
02 අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය – අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය
03 විජිත හේරත් මහතා – විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය
04 මහාචාර්ය චන්දන අබේරත්න මහතා – රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය
05 නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා – අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය
06 සරෝජා සාවිත්‍රී පෝල්රාජ් මහත්මිය – කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය
07 කේ. ඩී ලාල්කාන්ත මහතා – කෘෂිකර්ම, පශු සම්පත් , ඉඩම් සහ වාර්මාර්ග අමාත්‍ය
08 අනුර කරුණාතිලක මහතා – නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍ය
09 රාමලිංගම් චන්ද්‍ර සේකර් මහතා – ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය
10 මහාචාර්ය උපාලි පන්නිලගේ මහතා – ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍ය
11 සුනිල් හඳුන්නෙත්ති මහතා – කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය
12 ආනන්ද විජේපාල මහතා – මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය
13 බිමල් රත්නායක මහතා – ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය
14 මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා – බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය
15 වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා – සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය
16 සමන්ත විද්‍යාරත්න මහතා – වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය
17 සුනිල් කුමාර ගමගේ මහතා – තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය
18 වසන්ත සමරසිංහ මහතා – වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය
19 මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන – මහතා විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය
20 මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා – කම්කරු අමාත්‍ය
21 ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා – බලශක්ති අමාත්‍ය
22 වෛද්‍ය ධම්මික පටබැඳි මහතා – පරිසර අමාත්‍ය

එමෙන්ම එළඹෙන 21වනද උදෑසන පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර ඉන් අනතුරුව එදින පස්වරුවේ නව නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දීමට නියමිත බව වාර්තා වේ.

Local News

කීරි සම්බා සහ සම්බා සහල් හිඟය පිළිබඳව පාරිභෝගික අධිකාරියෙන් ප්‍රකාශයක්….

Published

on

By

රට තුළ පවතින කීරි සම්බා සහ සම්බා සහල් හිඟය සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් මහතා අද (15) ප්‍රකාශ කළේය.

මෙහිදී ඔහු පැවසුවේ අධිකාරියට ලැබුණු පැමිණිලි පසුපස සිදු කළ සොයා බැලීම් මගින් සහල් හිඟය පිළිබඳ කරුණු අනාවරණය වූ බවයි. නමුත් සහල් සඳහා ගැසට් පත්‍රයකින් පාලන මිල නියම කර ඇති අතර, එම මිලට වඩා වැඩි මිලකට සහල් අලෙවි කිරීමේ අවස්ථාවලදී නීතිය යටතේ අවශ්‍ය නීතිමය පියවර ගන්නා බවද ඔහු පැවසීය.

සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ගැසට් පත්‍රයට අනුකූලව වී මිලදී ගැනීම සහ සහල් අලෙවි කිරීම සිදුකරන ලෙස සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටින බවයි.

ඒ අතරතුර සහල් සම්බන්ධ වැටලීම් 3,000කට වැඩි වශයෙන් සිදුකර ඇති අතර, ඒ මගින් 1,000කට ආසන්න නීතිමය පියවර ගෙන, රුපියල් මිලියන 95ට ආසන්න මුදලක් අයකරගෙන ඇති බවද ඔහු සඳහන් කළේය.

කෙසේ වෙතත්, පවතින සහල් හිඟය හේතුවෙන් ගැසට් පත්‍ර සංශෝධනය කිරීමේ කිසිදු අපේක්ෂාවක් මේ වන විට නොමැති බවද ඔහු අවධාරණය කළේය.

Continue Reading

Local News

විදුලිබල මණ්ඩලයේ සේවකයින්ගේ රැකියා සුරක්ෂිතයි – බලශක්ති අමාත්‍ය…

Published

on

By

විදුලිබල මණ්ඩලයේ සේවකයින්ගේ රැකියා සුරක්ෂිත කරමින් ප්‍රතිසංස්කරණ කටයුතු ඉදිරියට ගෙන යන බව බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා ප්‍රකාශ කළේය.

අද (15) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍යවරයා සඳහන් කළේ, විදුලිබල මණ්ඩලයේ සේවය කරන සේවකයින් 23,000කට අධික පිරිස මෙතෙක් පවතින අතර, ප්‍රතිසංස්කරණය යටතේ ඔවුන් සම්පූර්ණයෙන්ම රජයේ අයිතියට අයත් ආයතන 04කට අනුයුක්ත කිරීමට නියමිත බවයි.

මෙම ආයතන සියල්ලම මහා භාණ්ඩාගාරය සතු සමාගම් වන අතර සේවකයින්ගේ රැකියා නියමිත ආකාරයෙන් පවත්වාගෙන යන බවද ඔහු පැවසීය.

එසේම, යම් සේවකයෙකුට නව ආයතනවලට අනුයුක්ත වීමට අකමැති නම්, ඔවුන්ට කැමැත්තෙන් සේවයෙන් ඉවත්වීමට හැකියාව ඇති බවත් අමාත්‍යවරයා සදහන් කළේය.

අදහස් දැක්වූ අමාත්‍යවරයා තවදුරටත් පැවසුවේ, මේ සංශෝධන සිදු නොකළේ නම්, පසුගිය අමාත්‍ය මණ්ඩල තීරණය අනුව අගෝස්තු 17 පසු විදුලිබල මණ්ඩලයේ සේවකයින් 12,000ක් රැකියාවෙන් ඉවත් කිරීමට තිබූ තීරණ ක්‍රියාත්මක වීමට තිබූ බවයි.

ඒ අනුව, ආයතන 12කට විදුලිබල මණ්ඩලය බෙදීමේ මූලික යෝජනාද අත්හිටුවී ඇති බවද ඔහු අවධාරණය කළේය.

“අපි ජනතාවගේ ආණ්ඩුවක් විදියට හැම සේවකයෙකු ගැනත් වග කියනවා. රටේ බලශක්ති සුරක්ෂිතතාවය වෙනුවෙන් අවශ්‍ය සියලු කටයුතු කරන්න අපි බඳුන ගන්නවා” යයි අමාත්‍ය ජයකොඩි මහතා අවසන් කළේය.

Continue Reading

Local News

මහයියාව ප්‍රදේශයේ දරුවන්ට ශිෂ්‍යාධාර – ජනාධිපති අරමුදලේ නව වැඩසටහන…

Published

on

By

මහයියාව ප්‍රදේශයේ ආර්ථික අපහසුතා ඇති පවුල්වල පාසල් දරුවන් සඳහා ශිෂ්‍යාධාර ලබාදීමේ වැඩසටහනක් ජනාධිපති අරමුදල මගින් ආරම්භ කෙරුණි.

මෙම වැඩසටහන ඊයේ (14) මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී, පාර්ලිමේන්තු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මහයියාව පුර්ණවත්ත බටහිර ග්‍රාම නිලධාරී වසමට අයත් පවුල්වල ජීවන තත්ත්වය උසස් කිරීමේ අරමුණින් 2025 මැයි 31 දින ජනාධිපති අරමුදලේ නිලධාරීන් සිදුකළ ක්ෂේත්‍ර පරීක්ෂණයක දී මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සුදුසු බව නිරීක්ෂණය විය.

එහි පළමු අදියර යටතේ සිසු-සෙසූවියන් 28 දෙනෙකුට ශිෂ්‍යාධාර ලබාදීමත් සමඟ වැඩසටහන ක්‍රියාත්මක විය.

Continue Reading

ප්‍රවණතාවන්