633 views 1 sec 0 comments

තරුණයෙකුට දිවි අහිමි කළ නුවර – කොළඹ මාර්ගයේ රිය අනතුර..

In Local News
April 13, 2021

ඊයේ (12) රාත්‍රී 11.30ට පමණ නුවර – කොළඹ මාර්ගයේ, කඩවත ඇල්දෙණිය ප්‍රදේශයේ දී සිදුවු රිය අනතුරකින් තරුණයෙක් ජීවිතක්ෂයට පත්ව තවත් අයෙක් බරපතළ තුවාල ලබා තිබේ. යතුරුපැදිකරු හා පසුපැදිකරු බීමතින් සිට ඇති බවත් නොසැලකිළිමත් ලෙස යතුරුපැදිය පැදවීමෙන් අනතුර සිදුව ඇති බවත් පොලීසිය සඳහන් කරයි.

වේගයෙන් පැමිණි යතුරුපැදියක් එක්වරම U හැරවුමකින් හරවා ඉදිරියට ගමන් කරනවාත් සමග ම ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි වෑන් රථයක ගැටී මෙම අනතුර සිදු වී තිබේ. අනතුරින් පසුපැදිකරු එම ස්ථානයේ දීම ජීවිතක්ෂයට පත්ව ඇති අතර, යතුරුපැදිකරු බරපතළ තුවාල ලබා රෝහල් ගතකර තිබේ.

අනතුරින් 30 හැවිරිදි පෙරමුණ මාවත, ඇල්දෙණිය ප්‍රදේශයේ පදිංචි සංඛ විශුද්ධි මුණසිංහ නැමති තරුණයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

අනතුර සම්බන්ධයෙන් වෑන් රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, අද දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.