193 views 0 secs 0 comments

ඖෂධ ගෙන යන මුවාවෙන් මත්ද්‍රව්‍ය ගෙන ගිය පුද්ගලයෙකු අත්අඩංගුවට….

In Local News
May 24, 2021

රෝගියෙකුට අවශ්‍ය ඖෂධ රැගෙන යන බව පවසා මෝටර් රථයකින් හෙරොයින් මත්ද්‍රව්‍ය රැගෙන යමින් සිටි පුද්ගලයෙකුව ඉංගිරිය කැටකැඩැල්ල පොලිස් මාර්ග බාධකයේදී පොලීසිය විසින් ඊයේ (23) අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු 34 හැවිරිදි හොරණ ප්‍රදෙශයේ පදිංචිකරුවෙකි.

මාර්ග බාධකයේදී එම වාහනය නතර කිරීමෙන් පසු රෝගියෙකුට අවශ්‍ය ඖෂධ රැගෙන හොරණ සිට කිරිඇල්ල දෙසට ගමන් කරන බවට අදාළ සැකකරු පොලීසියට පවසා තිබේ.

පොලීසිය පැවසුවේ මෝටර් රථයක් පරීක්ෂා කිරීමකදී එහි තිබී හෙරොයින් ග්‍රෑම් 05ක් සහ අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 200ක් සොයා ගත් බවය.

රත්නපුර – කිරිඇල්ල ප්‍රදේශයේ හෙරොයින් ජාවාරම්කාරියක් වෙත ලබාදීම සඳහා මොහු මෙම මත්ද්‍රව්‍ය රැගෙන ගිය බවද අනාවරණ වී ඇත.