723 views 1 sec 0 comments

කොවිඩ් -19 ආසාදිතයන් මිලියනය ඉක්මවූ ද. අප්‍රිකාව…

In World News
December 28, 2020

අප්‍රිකානු මහද්වීපයේ කොවිඩ් -19 වෛරස ආසාදිතයන් මිලියනය ඉක්මවා ගිය පළමු රට බවට දකුණු අප්‍රිකාව පත්වී තිබේ. එරටින් වාර්තා වූ කොවිඩ් -19 ආසාදිත මරණ ගණන 26,000 ඉක්මවා ගොස් ඇත.
කොරෝනා වෛරසයේ නව ප්‍රභේදය ද දකුණු අප්‍රිකාවෙන් හඳුනාගෙන ඇති බව එරට බලධාරීන් ප්‍රකාශයට පත්කර තිබෙන අතර පසුගිය සතියේ දී දකුණු අප්‍රිකාවෙන් දෛනිකව ආසාදිතයන් 11,000 ඉක්මවා වාර්තා විය. එය පෙර සතියට සාපේක්ෂව 39% ඉහළයාමකි.