119 views 0 secs 0 comments

සුපිරි බලවතුන් දෙදෙනාගේ විශේෂ හමුව…

In World News
November 16, 2023

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් කැලි‍ෆෝනියාවේදී චීන ජනාධිපති ෂී ජිං පින් හමුවී තිබේ.

ලෝක බලවතුන් අතර මෙම හමුවීම වසරකට පමණ පසුව සිදුවීම විශේෂත්වයකි.

මෙම හමුවේදී ලෝක යුද ගැටුම්, ආර්ථික උච්ඡාවචනයන්, මත්ද්‍රව්‍ය ජාවාරම් සහ කෘත්‍රිම බුද්ධිය ඇතුළු නූතන අර්බුද පිළිබඳව නායකයින් දෙදෙනාගේ අවධානය යොමු වූ අතර එම අංශයන් සම්බන්ධව දෙරට අතර තිබූ මතගැටුම් ලිහිල් කිරීමට මෙම සාකච්ඡාව ඉවහල් වූ බව ලෝක දේශපාලන විශ්ලේෂකයෝ ප්‍රකාශ කළහ.

දෙරට අතර තරඟයක් ඇතත්, එය ගැටුමක් දක්වා වර්ධනය නොවන බවට සහතික විය යුතු බවත්, සුපිරි බලවතුන් ලෙස වගකීමෙන් සහ වගවීමේන් දෙරට අතර සබඳතා පවත්වා ගැනීමේ වැදගත්කමත් මෙම හමුවේදී අමෙරිකානු ජනාධිපතිවරයා චීන ජනාධිපතිවරයාට පෙන්වා දී ඇති බව වාර්තා වේ.

ඊට ප්‍රතිචාර ලෙස , අමෙරිකා – චීන සබඳතාව ලොව වැදගත්ම ද්විපාර්ශ්වික සබඳතාව බව චීන ජනාධිපතිවරයා පෙන්වා දී තිබේ.