පැරිසියට බලපෑම් කල ටොනෙඩෝව…

In World News
October 21, 2025

ප්‍රංශයේ පැරිස් නගරයට උතුරින් පිහිටි දිස්ත්‍රික්කයකට පසුගියදා (20) පැමිණි ටොනේඩෝවකින් ඉදිකිරීම් දොඹකර තුනක් පෙරළී යාමෙන් පුද්ගලයෙකු මිය ගොස් තවත් සිව්දෙනෙකු බරපතළ තුවාල ලබා තිබේ.

පැරීසියෙන් කිලෝමීටර් 20 ක පමණ දුරින් පිහිටි එර්මොන්ට් ප්‍රදේශය අසල ඇති වූ මෙම හදිසි කුණාටුව නිසා දිස්ත්‍රික්ක 10කට ආසන්න ප්‍රදේශවලට විශාල හානි සිදුවී ඇති බව වාර්තා වේ.

මියගොස් ඇත්තේ ගොඩනැගිලි ඉදිකිරීම් භූමියක සේවය කරමින් සිටි වයස අවුරුදු 23ක සේවකයෙකු වන අතර තවත් සිවුදෙනෙකු බරපතළ තුවාල සහ තවත් දහයදෙනෙකු සැලකිය යුතු තුවාල ලබා ඇති බව ද වාර්තා කරයි.